ශ්‍රී ලංකාවේ විවිධ පළාත්වල කොවිඩ් ප්රභේදවල ව්‍යාප්තිය පිළිබඳව පරීක්ෂා කිරීමෙන් පසුව ශ්‍රී ජයවර්ධනපුර වෛද්‍ය පීඨයේ පර්යේෂකයින් සොයා ගත් පරිදි, ශ්‍රී ලංකාවේ කොවිඩ් -19 ආසාදන වලින් 95.8% කට ඩෙල්ටා ප්‍රභේදය හේතු වී ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප්රතිශක්තිවේදය සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි.
මහාචාර්ය නීලිකා මාලවිගේ, ආචාර්ය චන්දිම ජීවන්දර ඇතුළු වෛද්‍ය පීඨ පර්යේෂකයින් විසින් කරන ලද අධ්‍යයනයකින් මෙය තහවුරු කර ගෙන ඇත.
ශ්‍රී ලංකාවේ ඩෙල්ටා ව්‍යාප්තිය 84% සිට 100% දක්වා වර්ධනය වී ඇතැයි ද සදහන් කෙරේ.
එමෙන්ම විශ්ලේෂණය කල සාම්පල 881 ක් අතුරින් 592 ක්ම ඩෙල්ටා වෛරස ආසාධිතයන් බව මෙහිදී අනාවරණය වී තිබේ.
ආචාර්ය චන්දිම ජීවන්දර මහතා ට්විටර් සටහනක් තබමින් මේ බව සදහන් කරයි.
මෙරට තුළ ඩෙල්ටා ප්‍රභේදය හැසිරෙන ආකාරය පිළිබඳව තවමත් නිශ්චිතව තේරුම් ගැනීමට නොහැකි බවද ජීවන්දර මහතා සදහන් කරයි. මේ පිළිබඳ තවදුරටත් අධ්‍යයනය කරමින් පවතී.
එසේම මේ පිළිබඳ වාර්තාවක් සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා වෙත භාර දීමට ද නියමිතය.
කෙසේ වුවත් මෙරට තුළ භාවිතාවන එන්නත් ඩෙල්ටා ප්‍රභේදයට සාර්ථකව ප්‍රතිචාර දක්වන බැවින් එන්නත සම්බන්ධයෙන් සැකයක් ඇතිකර නොගෙන වහාම ගොස් එන්නත් ලබා ගන්නා ලෙසද ආචාර්ය චන්දිම ජීවන්දර මහතා ඉල්ලීමක් කර සිටියි.