මෙරට ජනගහනයෙන් 60%ක් පුර්ණ එන්නත්කරණයට

0
318

මෙරට ජනගහනයෙන් සියයට 60ක් පුර්ණ එන්නත්කරණයට ලක්කර ඇති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් ප්‍රකාශ කළා. ඒ, කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

විදෙස්ගතව මෙරටට පැමිණෙන පුද්ගලයින්ට කොරෝනා පරික්ෂණ සිදුකිරීමට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ පරිශ්‍රයේ පසුගියදා ස්ථාපනය කළ කොරෝනා පරීක්ෂණ මධ්‍යස්ථානය අද යළි විවෘත කෙරුණා.

ගුවන්තොටුපල සහ ගුවන් සේවා සමාගම පෞද්ගලික ආයතනයක් හා එක්ව පසුගිය 23 වැනිදා මෙහි වැඩකටයුතු ආරම්භ කළද සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමැතිය හිමි නොවීම හේතුවෙන් එහි වැඩ කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක වුයේ නැහැ.

පුර්ණ එන්නත්කරණයට භාජනය වු සහ එක් එන්නත් මාත්‍රාවක් පමණක් ලබාගෙන දිවයිනට පැමිණෙන ගුවන් මගීන් සහ මෙරටින් පිටත්ව යන ගුවන් මගීන් සඳහා මෙමගින් කොරෝනා පරික්ෂණ සිදුකර ගත හැකියි.

පැය තුනක කාලයක් ඇතුළත වාර්තා ලබාදීමට මෙහි පහසුකම් පවතින අතර, ඒ සඳහා දිවයිනෙන් පිටත්ව යන මගීන් නියමිත වේලාවට වඩා පැය 06කට පෙර ගුවන් තොටුපළ පරිශ්‍රයට පැමිණිය යුතු වනවා.

මේ අතර, වව්නියාව දකුණ ප්‍රාදේශීය සභාවේ උප සභාපති වෙල්ලයිසාමි මහේන්ද්‍රන් කොරෝනා ආසාදනය වීම හේතුවෙන් පෙරේදා (26) මියගොස් තිබෙනවා.

ඔහුගේ ආදාහන කටයුතු වව්නියාව පූන්තෝට්ටම් ආදාහනාගාරයේදී ඊයේ (27) සිදු කෙරිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here