Friday, September 20, 2024

මෙරට තිස් දහසක ගුරු හිඟයක් – ලංකා ගුරැ සංගමය

තිස් දහසක පමණ ගුරු හිඟයක් මෙරට පවතින බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කරයි.

උසස් පෙළ විද්‍යා ගණිත හා තාක්ෂණික විෂයන් සඳහාත් 6 – 11 ශ්‍රේණිවල විද්‍යාව ගණිතය, ඉංග්‍රීසි හා තොරතුරු තාක්ෂණ විෂය සඳහාත් ප්‍රාථමික ශ්‍රේණි සඳහාත් මෙම ගුරු හිඟය පවතින්නේ යැයි ස්ටාලින් මහතා කීය.

ගුරුවරුන් ලෙස සේවය කිරීම සඳහා ගුරු විද්‍යා පීඨවලින් හා විශ්වවිද්‍යාලවලින් පිටවන උපාධිධාරීන් බඳවා ගැනුණද ඔවුන් ස්ථානගත කිරීමේ ප්‍රතිපත්තියක් නොමැතිවීම හේතුවෙන් ගුරු හිඟයක් ඇති වී ඇතැයි හෙතෙම අවධාරණය කළේය.

සමස්තයක් ලෙස ගත් කළ සිසුන් 20 දෙනකුට එක ගුරුවරයකු ලෙස ගුරු සිසු අනුපාතයක් පවතින බවත් බස්නාහිර පළාත ගත් කළ සිසුන් 18 දෙනකුට එක් ගුරුවරයෙක් ලෙස ඉතා ඉහළ මට්ටමේ ගුරු සිසු අනුපාතයක් පවතින බවද ජෝසප් ස්ටාලින් පැවැසීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles