Monday, September 23, 2024

මෙරට ප්‍රථම තරු හතේ නිවාස සංකීර්ණය

බ්ලූ මවුන්ටන් අපාර්ට්මන්ට්ස් ජාත්‍යන්තර දේපළ වෙළෙඳාම් ක්ෂේත්‍රයේ දැවැන්තයකු වන සිංගප්පූරුවේ පාමර් ඇන්ඩ් ටර්නර් ගෲප් සමග එක්ව කොළඹ නගරය තුළ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණයක් ගොඩනැගීමට සැරසෙයි. මෙම සුඛෝපභෝගී තරු 7 නිවාස සංකීර්ණය ශ්‍රී ලංකාවේ ඉදිවන එවැනි ආකාරයේ පළමු වැනි ඉදිකිරීම වන බවත්, සියලුම අතිසුඛෝපභෝගී හා නව්‍ය අංගෝපාංගවලින් එය සමන්විත බවත් ඔවුන් කියයි.

මෙම දැවැන්ත ව්‍යාපෘතියේ ගෘහ නිර්මාණ ශිල්පක්‍රම සිදුකරනු ලබන්නේ ලොව කීර්තිමත් ඉදිකිරීම් නිර්මාණ ආයතනයක් මෙන්ම ලොව හොඳම නේවාසික ඉදිකිරීම්වල ශ්‍රේණිගත කිරීමේ 2 වැනි ස්ථානය හිමිකරගෙන සිටින සිංගප්පූරුව කේන්ද්‍ර කොටගත් පාමර් ඇන්ඩ් ටර්නර් ගෲප් ආතයනය වෙතින් වීමද විශේෂත්වයක් බව කියයි. පසුගිය 10 වසර තුළදී වර්ග මීටර් මිලියන 22ක් පමණ වන නේවාසික ව්‍යාපෘති 300කට වැඩි ප්‍රමාණයක් පාමර් ඇන්ඩ් ටර්නර් විසින් නිර්මාණය කරනු ලැබ ඇති බවත්, නව සංකීර්ණයේ සුඛෝපභෝගී අභ්‍යන්තර නිමාව සකසනු ලබන්නේ සිංගප්පූරුවේම පිහිටි ප්‍රමුඛ අභ්‍යන්තර නිර්මාණකරුවන් වන ඉන්ඩෙක්ස් ඩිසයින් විසින් බවත් ඔවුන් වැඩිදුරටත් පවසයි.

සමෘද්ධිමත් බව සහ උසස් බවට මග පෙන්වන ප්‍රදීපයක් ලෙසින් නිර්මාණය කෙරෙන මෙම සංවර්ධන ව්‍යාපෘතිය සිය අපේක්ෂාවන් පිළිබිඹු කරන සුඛෝපභෝගී ජීවන රටාවකට කැමැති නේවාසිකයන් වෙනුවෙන් සුවිශේෂී ලෙස නිර්මාණය වී ඇති බවත් කියයි. ආකර්ශණීය නාගරික පරිසරයකින්ද, සුඛෝපභෝගී අභ්‍යන්තර නිමාව මෙන්ම ඉන්දියන් සාගරයේ මනස්කාන්ත දර්ශන තලය මෙම තරු 7 නේවාසික ව්‍යාපෘතියේ සුවිශේෂී අංග බවද ඔවුන් වැඩිදුරටත් කියයි. කොළඹ නගර මධ්‍යයේ පිහිටි මෙම ව්‍යාපෘතිය මෑතදී පැවැති 2016/2017 ආසියා ශාන්තිකර දේපළ සම්මාන උලෙළේදී ඇගයීමටද ලක්වී තිබේ.

 

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles