මෙරට පාසල් විවෘත කිරීමට ලෝක සංවිධාන තුනක අනුමැතිය

0
287

පාසල් හැකි ඉක්මනින් විවෘත කළ යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය , යුනිසෙෆ් ආයතනය සහ යුනෙස්කෝ ආයතනය නිර්දේශ කර ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා පැවසීය.

එන්නත්කරණය ආශිර්වාදයක් කරගෙන පාසල් කඩිනමින්ම විවෘත කිරීමට සැලසුම් කළ යුතු බව කී පාදෙනිය මහතා මෙරට ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් සියලු දෙනාම සිටින්නේ පාසල් හැකි ඉක්මනින් විවෘත කළ යුතුයි යන මතයේ බවද ප්‍රකාශ කළේය.

පාසල් වසා දැමීම නිසා දරුවන්ගේ නිසි වර්ධනයට ලොකු ගැටලුකාරී තත්වයක් මතුව ඇතැයිද විශේෂඥ වෛද්‍යවරයා පෙන්වා දුන්නේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here