මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් 32,000 සීමාව පසුකරයි.

0
744

ඊයේ ආසාදිතයින් 755 ක් හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 32,000 ඉක්මවා තිබේ.

ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 32 135 කි. තවත් කොරෝනා මරණ 02 ක් ද ඊයේ මෙරටින් වාර්තා විය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ , මිය ගිය එක් අයෙකු කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි 55 හැවිරිදි පුද්ගලයෙකු වන බවයි.

ඔහු පසුගිය 11 වැනිදා මුල්ලේරියාව රෝහලේදී මිය ගොස් ඇත.ඉඹුල්ගොඩ පදිංචි මිය ගිය 66 හැවිරිදි අනෙක් පුද්ගලයා රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමේදී ය.

සුවය ලැබූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 23 304 කි.ආසාදිතයින් 8684 ක් තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

මේ අතර හුදෙකලා කර ඇති ප්‍රදේශවල ජනතාව නිරෝධායන රෙගුලාසී පිළිපැදීම අනිවාර්ය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here