මෙරට සමස්ත ජනගහනයෙන් සියයට 70ක් පූර්ණ එන්නත්කරණයට

0
286

ඉදිරි සති දෙක තුන තුළ මෙරට සමස්ත ජනගහනයෙන් සියයට 70ක් එන්නත් මාත්‍රා දෙකම ලබාදී පූර්ණ එන්නත්කරණයට ලක් කිරීමට හැකි වනු ඇතැයි වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ ප්‍රකාශ කළා.

මේ අතර, රෝග ලක්ෂණ සහිතව මේ වන විට රෝහල් වෙත පැමිණෙන අයගෙන් ආසාදිතයින් ලෙස හඳුනා ගනු ලබන්නේ සියයට 6ක් පමණක් බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ කියා සිටියා.

කෙටි කාලයක් තුළ සමස්ත ජනගහනයෙන් විශාල ප්‍රතිශතයක් එන්නත්කරණය කිරීමට හැකි වූ රටක් ලෙස ශ්‍රී ලංකාව ලොව රටවල් අතර ඉහළින්ම සිටින බව ද ඔහු සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අද පැවති මාධ්‍ය හමුවේදී සදහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here