මෙරට සෑම කොවිඩ් රැල්ලක් සදහාම හේතුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අත්තනෝමතික තීරණයි

0
295

මෙරට ඇති වූ සෑම කොවිඩ් රැල්ලක් සදහාම හේතු වූයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අත්තනෝමතික තීරණ බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පවසනවා.

මෙවර කොවිඩ් රැල්ලේ මේ දිනවල වාර්තා වන දෛිනක කොවිඩ් ආසාධිතයින් සංඛ්‍යාව අඩු වීමට දෛනිකව සිදුකරනු ලබන පීසීආර් පරීක්ෂණ සංඛ්‍යාව අඩුවීමද ප්‍රධාන හේතුවක් බවයි ඔවුන් පවසන්නේ.

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා ඊයේ පැවති මාධ්‍ය හමුවකදී මේ බව කියා සිටියා.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ පාලනය සම්බන්ධයෙන්ද රවී කුමුදේශ් මහතා අදහස් පළ කලා.

එම ආයතනයේ පාලනාධිකාරියේ කිසිදු ස්වාධීන භාවයක් දැකගත නොහැකි බවයි ඔහු අවධාරණය කළේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here