මෙවර අයවැයෙන් විශාල වෙනසක් සිදු කිරීමට මුදල් අමාත්‍යවරයාගෙව් සැලසුමක්

0
319

මෙවර අයවැයෙන් ලොකු වෙනසක් සිදු කිරීමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සැලසුම් කර ඇතැයි වාර්තා වනවා.

මුදල් ඇමැතිවරයා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට දැනුම් දී ඇත්තේ රජයේ බදු ප්‍රතිපත්තියේ පුළුල් වෙනසක් සිදු කරන බවයි.

අයවැය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා බැසිල් රාජපක්ෂ මහතා ඉකුත් බදාදා පාර්ලිමේන්තුවේ දී ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් හමු වූ අවස්ථාවේදී මේ බව ප්‍රකාශ කර තිබෙනවා.

දේශීය නිෂ්පාදකයා දිරිගන්වන සහ දුප්පත් ජනතාව මත බර නොදමන බදු ප්‍රතිපත්තියක් හඳුන්වා දෙන බව ද ඔහු එහිදී ප්‍රකාශ කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here