මෙවර අයවැය කාටත් සතුටු වෙන්න පුළුවන් අයවැයක් – අගමැති

0
354

අපූරු අයවැයක් ඉදිරිපත් කිරීම පිළිබඳව කවුරුත් අද සතුටුවිය යුතු යැයි අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

ක්‍ෂේත‍්‍ර ගණනාවකට අයවැයෙන් සහන උදා වූ බවත් අයවැය ලේඛනය පිළිබඳව විවේචනය කරන අයට පවා කියන්න වචන නැති වී ගිය බවත් හෙතෙම කීවේය.

මෙවැනි අයවැයක් ඉදිරිපත් කරාවි යැයි විපක්ෂයේ අය සිතා සිටින්නට නැතැයි ද විශ්වාස කරන බව පැවසූ අග‍්‍රාමාත්‍යවරයා මේ අයවැය ගැන කවුරුත් සතුටු විය යුතු යැයි ද සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here