Saturday, September 21, 2024

මෙවර අය-වැය ශ්‍රීලනිප-එජාප එකතුවෙන්

එක්සත් ජාතික පක්ෂත් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයත් එක්ව මෙවර අය-වැය සකස් කරන බව මුදල් ඇමති රවී කරුණානායක මහතා පැවසීය.

මෙම පක්ෂ දෙකේම අදහස් සැලකිල්ලට ගනිමින් ජනාධිපතිවරයා හා අගමැතිවරයා ඇති කරගත් සම්මුතීන් අනුව හා ජනතාවට ලබා දුන් පොරොන්දු ඉටු කරමින් මෙවර අයවැය ජනතා හිතවාදී හා රටට සංවර්ධනය ලගා කරන අයුරින් ඉදිරිපත් කරන බවත් ඇමතිවරයා පැවසීය.

සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවට එක් වෙමින් මුදල් ඇමති රවී කරණානායක මහතා එම අදහස් පැවසීය.

එහිදී අදහස් දක්වමින් ඇමතිවරයා කියා සිටියේ අයවැය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ඊයේ (20) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල බවයි. 2017 අයවැය ඉදිරිපත් කරන්නේ රට සංවර්ධනය සදහා ඉදිරි ගමනක් යන්නට හැකි ජන ජීවිතය සුඛිත මුදිත කරන්නට හැකි යෝජනා පෙරදැරිව බවද ඇමතිවරයා කීය. එක්සත් ජාතික පක්ෂයත් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයත් එක්ව නව වැඩ පිලිවෙලක් තුලින් සම්මුතියකට එළබී මෙම අයවැය ඉදිරිපත් කරන බවද ඒ මහතා පැවසීය. ඇමතිවරයා මෙසේද කීය

මේ රට රුපියල් බිලියන 1384 ණය කරලා ඒ ණය අපට භාර දෙන කොට තවත් පස් ගුනයක් වැඩි කරලා මහින්ද රාජපක්ෂ මහතා අපට ලබා දුන්නේ.

හම්බන්තොට වරාය මගින් සිදු වී ඇති රුපියල් කෝටි 18900ක පාඩුව පියවා එය ලාභ ලබන තත්ත්වයට පත් කිරීමට රජය කටයුතු කරන වා. මේ සදහා චීන සමාගමට ලබා දෙනවා. සියයට 20 ක කොටස් වරාය අධිකාරියට ලබා දෙනවා. මේ ආකාරයෙන් අනෙක් පාඩු ලබන ආයතන ලාභ උපයන ආයතන බවට පත් කරන්නට කටයුතු කරනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles