මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා අයදුම්කරුවන් තුන් ලක්ෂ පහළොස්දහස් හයසීය හත්දෙනෙකු සුදුසුකම් ලබා ඇතැයි විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
එහි කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා කියා සිටියේ මෙම විභාග අයදුම්කරුවන්ගෙන් දෙලක්ෂ හතළිස් දහස් නවසීය අසූ එක් දෙනෙකු පාසල් අයදුම්කරුවන් බවයි.
විශේෂ අවශ්‍යතා සහිත සිසුන් 195 දෙනෙකු ද මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටිනවා. විභාගය අගෝස්තු දෙවෙනිදා ආරම්භ කිරීමට නියමිතයි.
මේ අතර මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු 21 වෙනිදා පැවැත්වෙනවා. ඒ සඳහා සුදුසුකම් ලබා ඇති සංඛ්‍යාව ද ලක්ෂ 3කට ආසන්නයි.