Saturday, December 28, 2024

මෙවර උසස් පෙළ විභාගයේ නීති තද වෙයි – තහනම් උපකරණ ලඟ තිබුනොත් වසර 05 ක විභාග තහනමක්

විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා සදහන් කරන්නේ මෙවර පැවැත්වෙන අපොස (උසස් පෙළ) විභාගයේදි විභාග මධ්‍යස්ථාන තුළ ජංගම දුරකතන, ස්මාර්ට් වොච් ඇතුළු විද්‍යුත් උපකරණ ළඟ තබා ගෙන අසු වුව හොත් වසර පහකට විභාග දෙපාර්තමේන්තුව මඟින් පැවැත්වෙන සියලු විභාග තහනම් කිරීමේ නව නීතියක් ගෙනෙන බවය.

මෙවර අගෝස්තු මස පැවැත්වෙන උසස් පෙළ විභාගයේ සිට මේ නව නීතිය තදින්ම ක්‍රියාත්මක වන බව ප්‍රකාශ කලේය.

විභාග ශාලාවට ජංගම දුරකතන, ස්මාර්ට් වොච්, ගණක යන්ත්‍ර, බ්ලුටූත් වැනි උපකරණ ගෙන යෑම මිට පෙරද තහනම් වූ අතර, ඒ සඳහා වු මෙම නව නීතිය ක්‍රියාත්මක වන්නේ මේ වර්‍ෂයේ සිටය.

විභාග කොමසාරිස්වරයා වැඩිදුරටත් සදහන් කරන්නේ යම් අපේක්‍ෂකයකු වරදකරුවකු වුව හොත් ඔහුට හෝ ඇයට විභාග දෙපාර්තමේන්තුව විසින් පවත්වනු ලබන සියලු විභාග වසර පහක් තුළ තහනමට ලක්වීම ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන බවය.

විභාගය පැවැත්වෙන අවස්ථාවන්හීදි මේ නීතිය තදින්ම ක්‍රියාත්මක කිරීමට පළාත් හා කලාප මට්ටමින් කඩා පනින නිරීක්‍ෂණ කණ්ඩායම් යැවිමට සූදානම් කර ඇතැයිද, විභාග දෙපාර්තමේන්තුවෙන් සියලුම විභාග දෙපාර්තමේන්තු ආවරණය වන පරිදි පරීක්‍ෂාවට පරීක්‍ෂණ කණ්ඩායම්
කිහිපයක් පත් කර ඇතැයිද විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්. එම්. එන්.ජේ පුෂ්පකුමාර මහතා ප්‍රකාශ කලේය.

මෙවර උසස් පෙළ විභාගයට විභාග අපේක්‍ෂකයෝ 315605 දෙනෙක් පෙනි සිටින අතර අගෝස්තු 02 වැනි දින ආරම්භ වි අගෝස්තු 27 දක්වා පැවැත්වෙයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles