මෙවර ජිනීවාවල ලංකාව පළමු දිනයටම එයි !

0
377

සැප්තැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ (UNHRC) සැසිවාරයේ ආරම්භක දිනයේදී ශ්‍රී ලංකාව පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වේ.

ඒ අනුව ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ 48 වන සැසිවාරයේ ආරම්භක දිනය වන සැප්තැම්බර් 13 වන දින න්‍යාය පත්‍රයේ ශ්‍රී ලංකාව ඇතුළත් කිරීමට බලධාරීන් පියවර ගෙන ඇත.

සැසි වාරයේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් මිෂෙල් බැෂලේ් විසින් ශ්‍රී ලංකාව පිළිබඳ වාචික යාවත්කාලීන කිරීමක් ඉදිරිපත් කිරීමට නියමිත බව පැවසේ.

අනතුරුව ලංකාවට ඊට පිළිතුරු දීමට අයිතියක් ඉදිරිපත් කරනු ලැබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here