මෙහෙම ගියොත් විදුලි කප්පාදුව පැය අටක් දක්වා යෑමට සිදුවෙයි

0
263

තවදුරටත් වැරදි මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කළහොත් තත්ත්වය ඉතා බරපතළ වී ඉදිරි දිනවල දී දිනකට පැය අටක් වැනි විශාල විදුලි කප්පාදුවකට යෑමට සිදු විය හැකි බව මහජන උපයෝගීතා කොමිසම සඳහන් කරයි.

එහි සභාපති ජනක රත්නායක මහතා පෙන්වා දෙන්නේ ඩොලරයේ රුපියල් අගය කොතරම් ඉහළ ගියද ඩොලර් අර්බුදයට විසඳුම රුපියලේ අගය නිදහසේ තීරණය වීමට ඉඩ හැරීම බවය.

මේ වන විට ඉන්ධන නොමැති වීමෙන් මෙගාවොට් 700 ක් පමණ නිෂ්පාදන ධාරිතාවක් සහිත බලාගාර අක්‍රීය වීම හේතුවෙන් විදුලි කප්පාදුව සිදු කරන බවත් විදුලිය කප්පාදු නොකර සිටීමට රජයට යෝජනා මාලාවක් ඉදිරිපත් කළ එයා ක්‍රියාත්මක නොවන බවත් සභාපතිවරයා පැවසීය.

විදුලි නිෂ්පාදනය සඳහා සතියකට ඉන්ධන ලබාදෙන ලෙස ඉල්ලා සිටියේ දිනෙන් දින විදුලි කප්පාදුව පිළිබඳ කතා නොකර සතියෙන් සතිය තීරණයකට එළඹීමේ අදහසින් බව ද පැවසූ ඔහු මෙම විදුලි කප්පාදුවෙන් රටේ ආර්ථිකයට විශාල හානියක් වන බව ද කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here