Sunday, September 22, 2024

මේ වෙලාවේ තෙල් මිල වැඩිකරල ආණ්ඩුව පිස්සු නටනවා – විපක්ෂ නායක

ඉන්ධන මිල ඉහළ නැංවීමට ගත් අත්තනෝමතික තීන්දුව ආපසු හැරවීම මිස අණ්ඩුවට ගැලවීමට වෙනත් කිසිදු ක්‍රියාමාර්ගයක් නැතැයි, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කර සිටී.

නිවේදනයක් නිකුත් කරමින් විපක්ෂ නායකවරයා පවසන්නේ, ඉන්ධන මිල ඉහළ දැමීමට ගත් තීරණය රිවර්ස් කරන්නට ආණ්ඩුවට බල කෙරෙන ජනමතයක් මේ වනවිට ත් නිර්මාණය වී අවසන් බවයි.

ඉන්ධන මිල වැඩි කිරිමේ වගකීම භාරගෙන විෂය භාර අමාත්‍යවරයා ඉල්ලා අස්විය යුතු බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා නිවේදනයක් නිකුත් කරමින් පැවසීම මගින් ඔහු නිරූපණය කරන්නේ, අදාළ කටයුත්ත වෙනුවෙන් කසකරුවකුගේ භූමිකාව බව ද විපක්ෂ නායකවරයා සිහිපත් කර සිටී.

එක් කඩතොල්ලක් මකා ගන්නට ගොස් ලේකම්වරයා කඩතොලු රැසක් නිර්මාණය කර ඇති බවත් රටේ සමස්ත ජනතාවගේ ගෙල සිර කොට අනතුරුව එහි වරද එක් අයෙකු පිට පටවා අත සෝදා ගැනීමට තරම් පොදුජන පෙරමුණේ ලේකම්වරයා නින්දා සහගත උත්සාහයක් ගෙන ඇති බවත්  විපක්ෂ නායකවරයා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles