Sunday, November 17, 2024

මෙි ණය ගෙවලා දාන්න අපිට පුළුවන්. ශ‍්‍රී ලංකාවෙි ඩොලර් හිඟය විසඳන හැටි දෙමළ ඩයස්පෝරා ප්‍රධානියා කියයි

ශ්‍රී ලංකාව ඩොලර් හිගතාවයෙන් ගොඩ ගැනීමට තමන්ට හැකියාව ඇතැයි දෙමළ ඩයස්පෝරාව සඳහන් කරයි.

එහි ප්‍රධානී නිමලන් විශ්වනාදන් සඳහන් කරන්නේ ශ්‍රී ලංකාව ඩොලර් නැති හිඟන තැනින් ගොඩ දැමීමට දෙමළ ඩයස්පෝරාවට ඇති තරම් ඩොලර් ඇති බවයි.

නමුත් තම සංවිධානය විසින් ශ්‍රී ලංකාවට ගෙනෙන මුදල් සොරකම් කිරීමට හෝ ඇමති වරුන්ට පගාව දීමට සූදානම් නැති බවත් එකම කොන්දේසිය එය බවත් ඔහු කියා සිටියි.

Turth With Chamuditha අන්තර්ජාල නාලිකාව සමග පැවති සාකච්ඡාවකදී මේ බව කියා සිටියේය.

මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණයටද ඩයස්පෝරාව මුදල් වියදම් කළ බව ද හෙතෙම එහිදී පැවසීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles