මේක ජාත්‍යන්තර මාෆියාවක් කියලා තමයි කියන්න වෙන්නෙ – ලසන්ත

0
316

සියලුම භාණ්ඩවල පාහේ මිල ගණන් ජාත්‍යන්තර වෙළදපොළේ ඉහළ ගොස් ඇති බැවින් එම භාණ්ඩවල මිල ගණන් පාලනය කළ නොහැකි බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසනවා.

ප්‍රශ්නය – දැන් කිරිපිටි මිල පාලනයෙන් ආණ්ඩුව ඉවත්වුණේ මේක පාලනය කරන්න බැරි හින්දාද මේ ව්‍යාපාරිකයින් ?

“නෑ ඉතිං මේක ව්‍යාපාරික නෙවෙයි මේක ජාත්‍යන්තර මාෆියාවක් කියලා තමයි එහෙම වුණොත් කියන්න වෙන්නෙ. ඒකට හේතුව ජාත්‍යන්තර වෙළඳපොලේ මේ සෑම භාණ්ඩයකම මිල සීඝ්ර වශයෙන් ඉහළ යනවා. ඉතිං ඒක අපට පාලනය කරන්න පුළුවන්කමක් නෑ. 

විශේෂයෙන්ම බදු සහන එහෙම ලබාදීලා අපි උත්සාහ කළා ජනතාවට බරනොදී මේක පාලනය කරගන්න පුළුවන් වෙයිද කියලා. නමුත් ඒක ක්‍රියාත්මක කරන්න පුළුවන්කමක් නැතිවුණා” 

පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා මේ බව පැවසුවේ මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here