මේ අය රට විනාශ කරනවා! – අතිඋතුම් කාදිනල් තුමා

0
510

රට ආරක්‍ෂා කරන බව කියා බලයට පැමිණි කණ්ඩායම රට විනාශ කරන මාවතකට ඇදගෙන යමින් තිබෙන බව වේදනාවෙන් වුවත් ප්‍රකාශ කරන්නට සිදුව ඇතැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පවසති.

වත්මන් රජය ගැන ජනතාවගේ සිත් තුළ ගොඩනැගී තිබූ සියලු බලාපොරොත්තු සුණු විසුණු වී ගොස් රට තුළ ඉතා අවිනිශ්චිත පරිසරයක් ඇතිවෙමින් තිබෙන බව ද කාදිනල්තුමෝ සඳහන් කළහ.

‘යහපාලනය’, ‘සෞභාග්‍යයේ දැක්ම’ ආදී කුමන තේමාවකින් බලයට පැමිණියත් ඒ රජයන් කර ඇත්තේ පාවාදීම් පමණක් බව කී කාදිනල්තුමෝ දැන්වත් මේ ගමන නැවැත්විය යුතුව ඇතැයි ද කීහ.

කාදිනල්තුමන් මේ බව පැවසුවේ බොරැල්ලේ පිහිටි අගරදගුරු නිල නිවසේදී අද (2) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

වීඩියෝ උපුටනය – www.news19.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here