මේ කඩා වැටෙන්නේ මැදමුලන වලව්වෙ ආර්ථිකය නෙවෙයි. දැන් ඉන්නෙ හිරිවැටුණ නායකයෙක්, හිරිවැටුණ පාලනයක් තියෙන්නේ..

0
495

රටේ මතුව ඇති අර්බුදය දීර්ඝ කාලීනව පවත්වාගෙන ආ වැරදි ආර්ථික ප්‍රතිපත්ති නිසා ඇති වූවක් බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.

ඒ හේතුවෙන් රටපුරා ජනතාව මහත් අපහසුතාවට පත්ව ඇති බවයි එම පක්ෂය අවධාරණය කරන්නේ.

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක අද (03) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රකාශ කළේ ලංකාව මේ වන විට දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දෙමින් සිටින බවත් මෙලෙස කඩා වැටෙන්නේ මැදමුලන වලව්වේ පවුලේ ආර්ථිකය නොවන බවත් මේ කඩා වැටෙන්නේ අපේ දරුවන්ගේ ආර්ථිකය බවත්ය. මෙම ආර්ථික අර්බුදයේ දිග, පළල, ගැඹුර පිළිබදව ආණ්ඩුව විසින් ජනතාව දැනුවත් කළ යුතු බවයි.

“මේ කඩා වැටෙන්නේ මැදමුලන වලව්වේ පවුලේ ආර්ථිකය නෙමෙයි. අපේ දරුවන්ගේ ආර්ථිකයයි මේ කඩා වැටෙන්නේ. හිරිවැටුණ පාලනයක්, හිරිවැටුණ නායකයෙක් ඉන්නේ. මෙ ආර්ථික අර්බුදයේ දිග, පළල, ගැඹුර ආණ්ඩුව විසින් ජනතාව දැනුවත් කළ යුතුයි.”

ආණ්ඩුවේ වැරදි තීරණ ඩොලර් අර්බුදය උග්‍ර වීමට හේතු වූ බවත් පවතින ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් ගැඹුරු දැක්මක් හෝ ආණ්ඩුවට නොමැති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක වැඩි දුරටත් කියා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here