Saturday, September 21, 2024

මේ දක්වා මිහිපිට උෂ්ණත්වය අධික ලෙස වාර්තා වූ කාලය – ජූලි

ගෝලීය වශයෙන් උෂ්ණත්වය සලකන කල, ඇමරිකා එක්සත් ජනපදයේ ජාතික සාගර හා වායුගෝලීය පරිපාලනය (NOAA) ආයතනය මේ දක්වා ලොව උෂ්ණත්වය අධික ලෙස වාර්තා වූ කාලය ලෙස පසුගිය ජූලි මාසය සඳහන් කර සිටිනවා.

ලැබී ඇති දත්ත අනුව ජූලි මාසයේ ලොව ගොඩබිම සහ සාගරයේ උෂ්ණත්වයන්හි ඒකාබද්ධ සාමාන්‍යය 20 වන සියවසේ එහි සාමාන්‍ය අගය වූ සෙල්සියස් අංශක 15යි දශම 8ට වඩා සෙල්සියස් අංශක දශම 9යි 3කින් ඉහළ අගයක්.

මෙය මීට වසර 142කට පෙර ලොව උෂ්ණත්ව දත්ත වාර්තා සටහන් කිරීම ආරම්භ වූ දා පටන් වාර්තා වූ ඉහළම අගය වන අතර ලැබී ඇති දත්ත අනුව ජූලි මාසයේ ලොව ගොඩබිම සහ සාගරයේ උෂ්ණත්වයන්හි ඒකාබද්ධ සාමාන්‍යය 20 වන සියවසේ එහි සාමාන්‍ය අගය වූ සෙල්සියස් අංශක 15යි දශම 8ට වඩා සෙල්සියස් අංශක දශම 9යි 3කින් ඉහළ අගයක්.

මීට පෙර 2016 වසරේ ජූලි මාසයේ එලෙස වාර්තා වූ ඉහළම අගය 2019 සහ 2020 වසර වලදී සම කෙරුණා. විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ ලෝක කාළගුණ වෙනසේ දිගු කාලීන බලපෑම මෙලෙස උෂ්ණත්වය ඉහළ යාමට හේතුව බවයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles