Sunday, January 12, 2025

මේ පරිපාලනයෙන් පාස්කු ප්‍රහාරයට විසඳුම් ලැබෙන්නේ නැහැ

පාස්කු ප්‍රහාරය පිටුපස සිටියේ කවුද කියා තවමත් හෙළිදරව් කරගත නොහැකි වී ඇති බැවින් අප සියලුදෙනාට ම කල්පනා කරන්නට විශාල ප්‍රශ්නයක් ඉතිරිව ඇති බවට අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි. 

අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මේ බව ප්‍රකාශ කලේ පාස්කු ප්‍රහාරයට මාස 30ක් ගතවීම නිමිත්තෙන් කොච්චිකඩේ සාන්ත අන්තෝනි දේවස්ථානයේ බ්‍රහස්පතින්දා(21) පැවති විශේෂ යාච්ඤා මෙහෙයකට එක්වෙමින් වන අතර එහිදී උන්වහන්සේ මෙසේ ද අදහස් දැක්වීය.

මේ වසරේ මාර්තු 08 වනදා මා හමුවීමට පැමිණි එවකට නීතිපතිවරයා මට කීවේ මේ සිදුවීම සෑහෙන දුරට සංවිධානාත්මකව කරනු ලැබු සිදුවීමක් බවයි. ත්‍රස්තවාදීන් 7 – 8 දෙනෙකු විසින් කළ දෙයක් කියා කියන්නට බැරි බවත් ඊට වඩා දීර්ඝ සැලසුමක් මේ ප්‍රහාරය පිටුපස ඇති බවත් එතුමා මට සඳහන් කළා. දැන් මේ කොමිෂන් සභා වාර්තාව නීතිපතිතුමන් ට භාර දීලා මාස 9ක් ගත වුවත් හෙළිදරව් කරන ලද වෙළුමේ නිර්දේශ ක්‍රියාත්මක වෙලා තියෙන්නේ බොහෝම ස්වල්පයයි. 

විශේෂයෙන් ම ආරක්ෂක අංශවල උසස් නිලධාරීන් විමර්ශන යට ගසන්න ට විශාල උත්සාහයක යෙදෙන බව අපිට දැනගන්නට ලැබී තියෙනවා. එක රටක් එක නීතියක් කියා පොරොන්දු වුවත් තමන්ගේ අයට එක නීතියකුත් අනෙක් අයට තව නීතියකුත් ක්‍රියාත්මක කරමින් තිබෙනවා. 

නීතිය භාරව ඉන්න අයත් මේ කුමන්ත්‍රණයේ කොටස්කරුවෝ බවට පත්වෙමින් පවතිනවා. මේ තත්ත්වය තුළ පාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිෂන් සභාවේ නිර්දේශ ක්‍රියාත්මක කර ගැනීමට අපට මේ පරිපාලන ව්‍යුහය තුළින් ඉඩකඩ ලැබෙන්නේ නැති බව පැහැදිලි වී තියෙනවා.”

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles