මේ මස මුල් සති දෙකේ සංචාරකයෝ 7000ක් දිවයිනට

0
296

මේ මස මුල් සති දෙක තුළදී සංචාරකයන් 7000 කට වැඩි පිරිසක් ශ‍්‍රී ලංකාවට පැමිණ ඇති බව සංචාරක අමාත්‍යාංශය පවසයි.

කොරෝනා හේතුවෙන් බිඳ වැටුණු සංචාරක කර්මාන්තය දැන් ක‍්‍රමයෙන් යථා තත්ත්වයට පත් වෙමින් පවතින බව අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙම වසරේ ජනවාරියේ සිට මේ දක්වා සංචාරකයන් 45,413 ක් මෙරටට පැමිණ ඇති අතර ඉන් 7,096 ක් ඔක්තෝබර් 01 සිට ඔක්තෝබර් 13 දක්වා පැමිණ ඇත. ඉන්දියාව, කසකස්තානය, ජර්මනිය, යුක්රේනය, ඇමරිකා එක්සත් ජනපදය, චීනය, කැනඩාව, ප‍්‍රංශය සහ රුසියාව යන රටවලින් මෙම සංචාරකයන් දිවයිනට පැමිණ තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here