Friday, January 24, 2025

“මේ යුගයේ බරපතලම අභියෝගය අන්තවාදී ප්‍රචණ්ඩත්වයයි” – අගමැති

මේ මොහොතේ ගෝලීයව අත්විඳින සෞඛ්‍ය අර්බුදය, ලෝකයම එක්සත් කිරීමට උපකාරී වී ඇතැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

කොවිඩ් -19 අර්බුදය විවිධ ආගම්, ජාතීන් සහ ශිෂ්ටාචාර අතර වෙනස්කම් නොපෙන්වන අතර වසංගතයෙන් බේරී නැවත අපේ ජීවිතය ආරම්භ කිරීමට නම් ජාත්‍යන්තර සහයෝගීතාව ශක්තිමත් කළ යුතු බවද ජී20 අන්තර් ආගමික සංසදයේ ආරම්භක සැසිය අමතමින් හෙතෙම මේ බව අවධාරණය කළේය.

ඉතාලියේ බොලොඤ්ඤා හි පැවැත්වෙන ජී 20 අන්තර් ආගමික සංසදයේ ආරම්භක දිනය වූ අද (12) දින පළමු සැසිවාරය අමතමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

ජී 20 රාජ්‍ය නායක සමුළුව ලබන ඔක්තෝම්බර් මස 30-31 දෙදින ඉතාලියේ රෝම අගනුවර දී පැවැත්වීමට නියමිත අතර ඊට සමඟාමීව ජී 20 අන්තර් ආගමික සංසදය (G20 Interfaith Forum) පැවැත්වෙයි.

බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජී 20 අන්තර් ආගමික සංසදය ආමන්ත්‍රණය කළේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles