Saturday, September 21, 2024

මේ වසරේ රටේ ජය තහවුරු කරන්නේ එජාපය- 69 ලක්ෂයටත් ආරාධනා

මේ වසරේ රටේ ජය තහවුරු කරන්නේ එජාපය යැයි හිටපු මන්ත්‍රී පාලිත රංගෙ බණ්ඩාර කියයි.

“එක්සත් ජාතික යොවුන් පෙරමුණ නව නායකත්වයක් යටතේ දිස්ත්‍රික්ක පුරා නව ජාලයක් ලෙස ව්‍යාප්ත කිරීමටත් මහාචාර්යවරුන්ගෙන් සමන්විත බුද්ධිමත් කාන්තා සංවිධානයක් ලෙස එජාප කාන්තා සංවිධානයක් බලමුළු ගන්වා තිබෙන බව ඔහු කියයි.

“2021 වසරේදී අප සාමාජික ප්‍රවර්ධන කටයුතු අත්හිටුවා තිබුණා. 2022 වසරේ සිට නව සාමාජිකයන් බඳවා ගනිමින් සාමාජිකත්වය ප්‍රවර්ධනය කිරීමට කටයුතු කර තිබෙනවා. එමෙන්ම අපට රට පුරා විහිදුනු පළාත් පාලන මන්ත්‍රීවරුන්ගේ ජාලයක් සිටිනවා. ඒ මගින් මේ වසරේදී අප බිම් මට්ටමේ සංවිධාන ජාලය පුළුල් කරනවා. ආසන සංවිධායක ධුර සඳහා මේ වනවිටත් ඉල්ලුම් පත්‍ර විශාල සංඛ්‍යාවක් ලැබී තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමට අප කටයුතු කර තිබෙනවා. මේ අයුරින් 2022 වසර එක්සත් ජාතික පක්ෂය රටේ ජනතාවගේ ජය තහවුරු කරන වසරක් ලෙස ඉදිරියට ගෙන ආ යුතුයි.

ජනතාව ජීවත් කරවිය හැකි එක්සත් ජාතික පක්ෂය වටා පෙළ ගැසෙන ලෙස අප 69  ලක්ෂයට කියා සිටිනවා යැයිද මාධ්‍ය හමුවකට එක්වෙමින් රංගෙ බණ්ඩාර මහතා පැවසුවා.”

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles