Saturday, September 21, 2024

මෛත්‍රී, ඒකාබද්ධය හිමි තැන ගැන කියයි

සමහරුන් අද අලුත් පක්ෂ හදන බව කියනවා. හදලා බලමු. ඔවුන් එදා කළ හොර, මැර, වංචා, දූෂණ වල තරම එදාට හෙළි කරනවා. මෙතෙක් කල් හංගාගෙන සිටි රහස් එදාට හෙළි කරනවා එතකොට ඒ ගොල්ලන්ට සිදු වන්නේ පාරේ ඇවිද ඇවිද සිටීම තමයි. අපේ කට්ටියට මම කියන්නෙත් හොරකම් කරන්න එපා. හොරකම් කරන්න දෙන්නෙත් නෑ. හොරකම් කරල අහුවුනොත් අරගොල්ලන්ට වඩා දඬුවම් දෙනවා දෙනවාමයි.“ යහපාලන රජයේ පළමු සංවත්සරය අමතමින් මාතර කොටුවේගොඩ සනත් ජයසූරිය ක්‍රීඩාංගනයේ දී ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා එසේ කීවේය.

“සමහරු හීන දකිනවා අළුත් ආණ්ඩුවක් හදන්න. ඒක නම් හැබෑ වෙන්නේ නෑ. සම්මුති ආණ්ඩුව අවුරුදු 5 ම කරගෙන යාම ස්ථීරයි. 2020 න් පස්සේ ආණ්ඩු කරන්නේ කවුද කියලා බලමු.. ඒ ගොල්ලන්ට ඉන්න වෙන්නේ පාරේ ඇවිද ඇවිද ආණ්ඩුවක් ගන්න නම් බැහැ.“ යැයි ද ජනපති කීවේය

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමුළුව අමතමින් මෙසේ කීවේය.

අපිට බාර ගන්න වුනේ මහා කුණු ගොඩක්. පවුලේ අයයි, ගෝලයොයි රට කෑවා. එවැනි රටක් තමයි අපට බාර වුනේ. ගිය රජය ශ්‍රී ලංකාව නැති කළා. රට හොඳටම වැටුණා. ජාතික ආණ්ඩුවක් හැදුවේ එසේ වැටුණු රට ගොඩගන්නයි. අද අපි අලුත් රටක් ගොඩනගනවා. එකම රටක් ගොඩනගනවා. යුද්ධයෙන් වැනසුණු රට ගොඩනගාගෙන යනවා. අපේ දෙවැනි සංවත්සරය වන විට රට මීට වඩා හොඳ මට්ටමකට ගෙන ඒමට හැකි වේ

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles