Friday, September 20, 2024

ශ්‍රීලනිපය පළාත් සභා සටනට සූදානමි වෙයි – මෛත්‍රී පළාත් සභා මැතිවරණය කඩිනමින් ඉල්ලයි

කඩිනමින් පළාත් සභා මැතිවරණය පැවැත්විමට කටයුතු කරන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරන බව ශ්‍රි ලංකා නිදහස් පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව ඊයේ (15) පස්වරුවේ පැවැති අතර ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

“කොරෝනා වසංගතය අවසන් වේගන එන වෙලාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිසංවිධානය කිරීමේ වැඩපිළිවේල කර්යාක්ෂම කිරීම වේගවත් කිරීම යන්න තමයි අපි සාකච්ඡා කළේ. ඒ අනුව,  පළාත් සභා මැතිවරණය ඉතා ඉක්මනින් තියන්න කියලා අපි ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරනවා. ඒ සඳහා පක්ෂයේ සියලු අංශ ශක්තිමත් කිරීමේ වැඩ පිළිවෙල තමයි සාකච්ඡා කළේ. බඩු මිල තත්ත්වය ඉතාමත්ම ඉහළ ගිහින් තියෙනවා. ජනතාව ඉතාමත් පීඩනයක ඉන්නේ. අසීරු තත්ත්වයක ඉන්නේ. ජනතාවගේ දුප්පත්කම දුගීකම වේගයෙන් වැඩි වෙලා තියෙනවා. ඒ තුල ජනතාවගේ ප්‍රශ්න ඉතාම උග්‍රයි. විසඳුම් දෙන්නට ඕනේ. හදිසි ක්ෂණික විසඳුම් ඇති කියලා මම විශ්වාස කරන්නේ නෑ. සැලසුම් සහගත ක්‍රමයකින් තමයි ඒවාට විසඳුම් තියෙන්නේ”

මෙි අතර ඉදිරි පළාත් සභා මැතිවරණය සදහා පක්ෂය සූදානම් කිරීමට මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ පක්ෂ මධ්‍යම කාරක සභාව තීන්දු කොට ඇත.

ඊයේ සවස මෙම මධ්‍යම කාරක සභා රැස්වීම පැවැත්වී ඇති අතර හැකි ඉක්මණින් පළාත් සභා මැතීවරණය පවත්වන ලෙසට ආණ්ඩුවට දැනුම් දීමටද තීන්දු කර ඇත

ඒ අනුව වහාම හිස්ව පවතින ආසන සංවිධායක ධූර පිරවීමටද පක්ෂය තීරණය කර තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles