Friday, January 10, 2025

මෛත්‍රී පාස්කු චෝදනාවලින් තමාව නිදහස් කරන්නැයි ඉල්ලද්දී මෛත්‍රීගේ නිල නිවස පිළිබඳව ගොනුකළ පෙත්සම විභාගයට ගැනීමට අවසර ලැබෙයි

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිව සිටි සමයේ භාවිතා කළ නිල නිවස ඔහුට ලබා දීමට ගත් කැබිනට් මණ්ඩල තීරණයට එරෙහිව විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය ගොනුකළ පෙත්සම සලකා බැලීමට අවසර ලැබී තිබෙනවා.

ඒ සම්බන්ධ සියලුම ලිපිගොණු වාර්තා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් අධිකරණය අද (15) නියෝග කළා.

මෙි අතර පාස්කු ඉරිදා ප‍්‍රහාරයට අදාළ චෝදනා වලින් තමන් නිදහස් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් සිවිල් අභියාචන මහාධිකරණයට පෙත්සමක් ගොනුකර තිබෙනවා.

පාස්කු ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම සලකා බැලීම මාර්තු මස 9 වනදා කැඳවන ලෙස කොළඹ සිවිල් අභියාචනා මහාධිකරණය නියෝග කළේය.

පාස්කු ඉරුදින එල්ල කෙරුණ ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය හේතුවෙන් මියගිය ඇයගේ ඥාතීන් සහ තුවාල ලැබූවන් විසින් තමන්ගෙන් වන්දි අයකර දෙන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන නඩු නිෂ්ප්‍රභ කොට තමන්ව  සියලු චෝදනාවලින් මුදාහරින ලෙස ඉල්ලා හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් එම අභියාචන පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

මෙම පෙත්සම අද ෆ්‍රෑන්ක් ගුණවර්ධන සහ සමන් වීරමන් යන සිවිල් අභියාචනා මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී මෙම පෙත්සම වග උත්තරකරුවන් ලෙස නම්කර සිටින වින්දිතයින්ට නොතිසි  නිසිපරිදි ලැබී නොමැති බවට කරුණු අනාවරණයවීම හේතුවෙන් එම පෙත්සම සලකාබැලීම මාර්තු මස 09 වන දක්වා කල් තැබීමට අධිකරණය නියම කළේය.

එම නඩු පවත්වාගෙන යාමට නොහැකි බවත් එම චෝදනාවලින් තමන්ව මුදාහරින ලෙසත් ඉල්ලමින් තම නීතිඥවරු කොළඹ දිසා අධිකරණය හමුවේ මූලික විරෝධතා මතු කළ ද එම මූලික විරෝධතා ඉකුත් ජනවාරි මස 7 වනදා දිසා අධිකරණය මගින් ප්‍රතික්ෂේප කළ බවද හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෙත්සම මගින් පෙන්වා දෙයි.

දිසා අධිකරණය දුන් එම තීරණය නීතියට පටහැනි බව හිටපු ජනාධිපතිවරයා සඳහන් කරයි.

එබැවින් කොළඹ දිසා අධිකරණය දුන් තීන්දුව ප්‍රතිශෝධනය කර තමන්ව අදාළ නඩුවලින් මුදාහරින ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉල්ලා සිටියි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles