මෛත්‍රී – මහින්ද හමුවකට කිසිම සාකච්ඡාවක්‌ කර නෑ – කුමාර වෙල්ගම

0
306

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අතර මුහුණට මුහුණ හමුවක්‌ සඳහා කිසිදු සාකච්ඡාවක්‌ මෙතෙක්‌ සිදු වී නැතැයි තමා ඉතා වගකීමෙන් ප්‍රකාශ කරන බව ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පැවසීය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා හැරුණු විට ඒකාබද්ධ විපක්‍ෂයේ ඊළඟට සිටින ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයා තමා බැවින් එවැනි සාකච්ඡාවක්‌ තිබේ නම් ඒ පිළිබඳව තමා දැනගතයුතු බවත් තමා පක්‍ෂයේ උප සභාපතිවරයකු ලෙස මෑතකදී පැවැති පක්‍ෂ මධ්‍යම කාරක සභාවට ගිය බවත් එහිදීත් එවැනි දෙයක්‌ සාකච්ඡා නොවූ බවත් කුමාර වෙල්ගම මහතා සඳහන් කළේය.

ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන ශ්‍රී.ල.නි.ප. මන්ත්‍රීවරුන් අතර ද එවැනි කිසිදු සාකච්ඡාවක්‌ සිදුවී නැති බැවින් එවැනි දෙයක්‌ සිදු නොවන බව තමා ඉතා වගකීමෙන් යුතුව ප්‍රකාශ කරන බව ද හෙතෙම පැවසීය.

එමෙන්ම තම මන්ත්‍රී කණ්‌ඩායම මහින්ද රාජපක්‍ෂ මහතා හමුවීමේ සාකච්ඡාවක්‌ ද සිදුකර නැති බවත් මේ වන විට සිය මූලික අවධානය යොමු වී තිබෙන්නේ ගංවතුර හා නායයැමෙන් විපතට පත් ජනතාව වෙනුවෙන් බවත් මන්ත්‍රීවරයා කීය.

බොරැල්ල ආචාර්ය එන්. එම්. පෙරේරා කේන්ද්‍රයේ ඊයේ (05 දා) පැවැති ඒකාබද්ධ විපක්‍ෂ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු කළ විමසුමකට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා මේ බව පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here