මෛත‍්‍රි නොවෙයි මොන යකා ගැහුවත් එජාපය නැගිටිනවා.. 2020දී ජනපති රනිල්.. 2025දීත් රනිල්.. ඊට පස්සෙ අපි වගේ කෙනෙක්..

0
820

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා එම ධුරයට ආවේ එක්සත් ජාතික පක්‍ෂයේ කර මතින් වුවත් අද ඔහු වසර හයක් සිටිය හැකිදැයි අධිකරණයේ මතය විමසන්නේ එජපයෙන්ද නොවිමසා බව රාජ්‍ය ඇමති සුජීව සේනසිංහ මහතා පවසයි.

ජනාධිපතිවරයා අද දේශපාලනය කරද්දී අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා කරන්නේ රට සංවර්ධනය කිරීම යයිද ඔහු කියයි.

රාජ්‍ය ඇමතිවරයා මෙම අදහස් පල කරනු ලැබුවේ හලාවතදී පැවති එක්සත් ජාතික පක්‍ෂ ප‍්‍රචාරක ජන හමුවක් අමතමිනි.

‘එක්සත් ජාතික පක්‍ෂය කියන්නේ කිසිම කෙනෙකුට බිම දමන්න බැරි පක්‍ෂයක්. මොන යකා ගැහුවත් නැගිටිනවා. මෛත‍්‍රිපාල මහත්තය ගැහුවත් මේ පක්‍ෂය නැගිටිනවා.

කවුරු මොනවා කිවුවත් 2020දී රනිල් වික‍්‍රමසිංහ මහත්තයා මේ රටේ ජනාධිපති වෙනවා. 2020දීත් රනිල්මයි. ඊට පස්සෙ එතුමා අපි මගේ කෙනෙකුට රට බාර දේවි’ යයිද ඔහු එහිදී වැඩි දුරටත් කියා සිටියේය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here