Monday, January 13, 2025

මොකක්ද ඩෙල්ටා ප්‍රභේදයටත් වඩා භයානක මේ ඔමික්‍රෝන් ප්‍රභේදය ?

‘ඩෙල්ටා’ විකෘතියට වඩා දස ගුණයකින් ප්‍රබල බවත්, විකෘති ප්‍රභේද දහයක් මුසු වී නිර්මාණය වුණු බවත් පැවැසෙන බිහිසුණු ‘කොවිඩ් 19’ ප්‍රභේදය ‘ඔමික්‍රොන්’ Omicron යනුවෙන් නම් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය කටයුතු කර තිබේ.

ඒ අනුව ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) දකුණු අප්‍රිකාවෙන් සොයාගත් කොරෝනා වෛරසයේ B.1.1.529 නව ප්‍රභේදය Omicron (ඔමික්‍රොන්) ලෙස නම් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.නව වෛරසය ප්‍රකාශයට පත් කරමින් WHO විසින් ‘නව විශේෂ ප්‍රභේදයක්‘ ලෙස එය ලේබල් කළේ එහි හැසිරීම අනුව ඉදිරියේදී ඇතිවිය හැකි වියවුල ගැන උපකල්පනය කරමිනි.ඒ සමඟම ‘ඔමික්‍රොන්’ අවදානයෙන් පසුවිය යුතු ‘කොවිඩ් 19’ විකෘතියක් බව ද ඔවුන් පෙන්වා දෙයි.

ඔවුන් පෙන්වා දෙන්නේ එය බහුවිධ විකෘතිතා රැසකින් සමන්විත අතර නැවත නැවතත් වැළඳීමේ හැකියාව ඉහළ මට්ටමක පවතින බවත් එය සීග්‍රයෙන් ආසාදනය වීමේ වැඩි අවදානමක් ඇති වෛරස් ප්‍රභේදයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය සදහන් කරයි.

මෙම නව ප්‍රභේදය මුලින්ම හඳුනාගත්තේ 2021 නොවැම්බර් 9 වෙනිදා අප්‍රිකානු රටක් වන බොට්ස්වානා වලින්.

ඉන්පසු දකුණු අප්‍රිකාවෙන්, හොංකොං රාජ්‍යයෙන්, බෙල්ජියමෙන්, ඊශ්‍රායලයෙන් සහ මැඩගස්කරයෙන් මෙම ප්‍රභේදය සහිත රෝගීන් වාර්තා වුණා.

වැඩිපුර රෝගීන් සංඛ්‍යාවක් හඳුනා ගත්තේ දකුණු අප්‍රිකාවේ Gauteng පළාතෙන්.

 “අපි තවම මේ ගැන වැඩිය දන්නේ නැහැ. අප දන්නා දෙය නම් මෙම ප්‍රභේදයේ විකෘති විශාල සංඛ්‍යාවක් ඇති බවයි. තවද කනස්සල්ලට කරුණ නම්, ඔබට බොහෝ විකෘති ඇති විට, එය වෛරසය හැසිරෙන ආකාරය කෙරෙහි බලපෑමක් ඇති කළ හැකි බවයි, ”කොවිඩ් -19 පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානයේ තාක්ෂණික ප්‍රධානී ආචාර්ය මාරියා වැන් කර්කොව්, සංවිධානයේ සමාජ මාධ්‍ය ඔස්සේ සජීවීව පැවති වැඩසටහනක දී පැවසීය.

ඊයේ (26) දිනයේදී ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මෙම “ඔමික්‍රොන්” ප්‍රභේදය “උනන්දුවක් දැක්විය යුතු ප්‍රභේදයක්” (Variant Of Interest – VOI) මට්ටමෙන් ඉහළට දමමින් “සැළකිලිමත් විය යුතු ප්‍රභේදයක්” (Variant Of Concern – VOC) ලෙස හඳුනා ගත්තා.

“ඇල්ෆා” (Alpha – B.1.1.7), “බීටා” (Beta – B.1.351), “ගැමා” (Gamma – P.1) සහ “ඩෙල්ටා” (Delta – B.1.617.2) ලෙස හඳුන්වන වෛරස් ප්‍රභේදවල‍ට පසුව හඳුනාගත් විශේෂම ප්‍රභේදය මෙම “ඔමික්‍රොන්” ප්‍රභේදය වන අතර,මේ වනවිට වාර්තා වූ සුවිශේෂීම විකෘති වූ කොරෝනා වෛරස් ප්‍රභේදය මෙය විය හැකි බවටයි සෞඛ්‍ය අංශ මත පල කරන්නේ.

කෙසේ වෙතත් මෙම ප්‍රභේදයේ දැක්වෙන විකෘතිතා නිසා එය එන්නත්වලට ප්‍රතිරෝධය දැක්වීමේ ලක්ෂණ පෙන්නුම් කළ හැකි බවට විශේෂඥයින් අනතුරු අඟවා ඇත.

මෙහි පැතිරීම ආරම්භ වී තවමත් වැඩි කලක් ගෙවී නැති අතර, බොට්ස්වානා, බෙල්ජියම, ඊශ්‍රායලය සහ හොංකොංවලින්ද ආසාදිතයන් වාර්තා වී තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ නව ප්‍රභේදයේ බලපෑම තේරුම් ගැනීමට සති කිහිපයක් ගතවනු ඇති බවය.

මෙම නාමකරණයට පසුබිම් වන්නේ ග්‍රීක ඉලක්කම් නාමාවලියයි. මින් ඉහත ඇල්ෆා බීටා ගැමා හා ඩෙල්ටා ආදී නාමකරණයන් ඒ සඳහා යොදාගත් අතර ඔමික්‍රොන් යනු ග්‍රීක ඉලක්කම්වල 70 අගයයි. ඕ අකුරු දෙකක් එහි සංකේතවත් කෙරේ. ඔමික්‍රෝන් යනු ග්‍රීක හෝඩියේ 15 වන අකුරයි.

එක්සත් ජාතීන්ගේ සෞඛ්‍ය ඒජන්සිය පැවසුවේ ලැබී ඇති කරුණු මත පදනම්ව මෙම ඔමික්‍රෝන් වසංගතය අන් කවර ඒවාටත් වඩා ඉතා භයානක විය හැකි බවයි.

නව ඔම්ක්‍රොන් ප්‍රභේදය ඩේල්ටා ප්‍රභේදයට වඩා පස් ගුණයකින් පමණ බලසම්පන්න බවත්, වර්තමාන එන්නත් වලට ඔරොත්තු දීම පිළිබද පරික්ෂණ අරභා ඇත.

දැනට දකුණු අප්‍රිකානු කාලාපයේ වෙිගවත් ලෙස පැතිරෙන අතර ඊශ්‍රායල සහ හොන් කොන් රටවල් වලින් මේ ප්‍රභෙදය වාර්තා වේ. මේ වනවිටත් යුරොපා කලාපයේ බොහෝ රටවල් දකුණ අප්‍රිකානු කලායට සිය ගුවන් යානා ගමන් වාර අහෝසි කර ඇති අතර මේම ප්‍රභේදය පිළිබද දැඩි අවදානයෙන් පසුවෙයි. මේම ප්‍රභේදය දැනට ශ්‍රි ලංකාවේ න් වාර්තා නොවන අතර මෙම ප්‍රභෙදය වාර්තාවීමත් සමග ඉන්දියාව ඇතුලු ලෝක වෙළඳපොල කොටස් විශාල ලෙස කඩා වැටීමක්ද පෙන්නුම් කරයි.

මේ වන විට භාවිතා කරන එන්නත් වලට හෝ ඖෂධ වලට නව ප්‍රභේදය ප්‍රතිචාර නොදැක්වීමට බොහෝ දුරට ඉඩ ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධාන අදහස වන අතර
මේ වන විට දකුණු අප්‍රිකාව, බොස්ට්වානා, හොංකොං, ඊශ්‍රායලය හා බෙල්ජියම යන රටවලින් නව ප්‍රභේදය වැලඳුණ රෝගීන් වාර්තා වෙයි.

මෙම තත්ත්වයත් සමඟ දකුණු අප්‍රිකාවට සහ ඉන් පිටතට ගමන් කිරීම තහනම් කිරීමට හෝ සීමා කිරීමට රටවල් ගණනාවක් මෙි වන විට තීරණය කර ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles