Friday, September 20, 2024

මොන්ටිනිග්‍රෝවේ කොටසක් චීනයට…

යුරෝපයේ පිහිටි කුඩා රාජ්‍යයක් වන මොන්ටිනිග්‍රෝවෙි භූමියෙන් කොටසක් චීනයට පැවරීම සිදුවිය හැකි බවට අන්තර්ජාතික මාධ්‍ය වාර්තා කර තිබේ.

ඊට හේතුවී ඇත්තේ චීනයට ගෙවිය යුතු ඩොලර් බිලියන එකක පමණ ණය මුදලක් ආපසු ගෙවීමට නොහැකි වීමයි.

2015 වර්ෂයේදී මොන්ටිනිග්‍රෝව එර⁣ට දුෂ්කර පළාත්වලට ලගාවීම සදහා අධිවේගී මාර්ගයක් තැනීමට චීනයෙන් ණය මුදලක් ලබාගත් අතර චීන සමාගමක් විසින් එහි ඉදිකිරීම් ආරම්භ කරනු ලැබිණ.

ෆ්‍රාන්ස් 24 පුවත් සේවය වාර්තා කරන්නේ මේ වනවිට එම ණය මුදල රජය විසින් සම්පූර්ණයෙන්ම වියදම් කර ඇතත් අදාළ අධිවේගී මාර්ගයෙන් ඉදිකිරීම් අවසානයට ලගාවීවත් නොමැති බවයි.

ඩොලර් බිලයන එකක යනු මොන්ටිනිග්‍රෝවෙි ආර්ථිකය මෙන් පස් ගුණයක් විශාල මුදලක් වන අතර මෙම විශාල ණය මුදල යළි ආපසු ගෙවීමට අවශ්‍ය මූල්‍ය සහය ලබාගැනීමට යුරෝපා සංගමය සමග සාකච්ඡා පැවත්වුවත් එය අසාර්ථක වී තිබේ.

ඒ අනුව ණයට හිලව්වක් ලෙස රටේ කොටසක් චීනයට ලබාදීමට මොන්ට්නිග්‍රෝවට සිදුවිය හැකි බව විදෙස් වාර්තාවල වැඩිදුරටත් සදහන් වේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles