මොරටුව විශ්ව විද්‍යාලයේ ගෑස් පිපිරීම් පිළිබඳ අවසනි වාර්තාව පාරිභෝගික කටයුතු අධිකාරියට ලබාදේ

0
315

මෙරටින් වාර්තා වන ගෑස් ආශ්‍රිත පිපිරීම් වලට අදාලව ප්‍රදේශ 12 කින් ලබාගත් ගෑස් සාම්පල 12ට අදාළව මොරටුව විශ්ව විද්‍යාලය විසින් සිදුකල විශේෂ පරීක්ෂණයේ අවසන් වාර්තාව පාරිභෝගික කටයුතු අධිකාරිය වෙත ලබාදී තිබෙනවා.

එම විශේෂ පරීක්ෂණ කමිටුවේ සාමාජික මොරටුව විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ශාන්ත වල්පොල මහතා සඳහන් කලේ ඊයේ පස්වරුවේ තමන් විසින් එම වාර්තාව අධිකාරිය වෙත භාරදුන් බවයි.

කෙසේවෙතත් වාර්තාවේ අඩංගු කරුණු ප්‍රසිද්ධ කිරීමට අදාල කමිටුවට අවසරයක් නොමැති බවත් එම වගකීම පාරිභෝගික කටයුතු අධිකාරිය වෙත පැවරෙන බවත් ඔහු සඳහන් කලා.

මේ අතර ගෑස් ආශ්‍රිත පිපිරීම් සම්බන්ධයෙන් සොයා බැලීමට ජනාධිපතිවරයා විසින් පත්කළ කමිටුවද ඊයේ පළමුවරට රැස්වුණා.What’s your Reaction?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here