Sunday, September 22, 2024

මොහාන් පීරිස් ජාත්‍යන්තර නීති කොමිසමේ නිලවරණයට

බරපතල දුෂණ හා අල්ලස්  චෝදනා එල්ලවී තිබියදී තාක්ෂණ හේතු මත එම නඩු වලින් නිදහස් වූ හිටපු නීතිපති හා අගවිනිසුරුවරයකු වන මොහාන් පීරිස් මෙවර ජාත්‍යන්තර නීති කොමිසමේ නිලවරණය සඳහා තරග වැදීම ජාත්‍යන්තර නීති ප්‍රජාවේ දැඩි කතාබහට ලක්ව තිබේ.දැනට නිව්යෝර්ක් හි එක්සත් ජාතීන්ගේ ශ්‍රීලංකා නිත්‍ය නියෝජිත තනතුර දරන මොහු 2015 දී අගවිනිසුරු තනතුරෙන් ඉවත් කරන ලද්දේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසිනි.තමා අගවිනිසුරු ධුරයෙන් ඉවත් නොකරන ලෙසත් අවශ්‍ය ඕනෑම නඩු තීන්දුවක් අවශ්‍ය ආකාරයට ලබා දිය හැකි බවත් මොහු විසින් හිටපු ජනාධිපතිවරයා හමුවේ ප්‍රකාශ කල බව ප්‍රසිද්ධියට පත් කරමින් හිටපු ජනාධිපතිවරයා විසින්  මොහු අගවිනිසුරු ධුරයෙන් ඉවත් කරන ලදී. 

මොහාන් පීරිස්ගේ මෙම ප්‍රකාශය එවකට ජාත්‍යන්තර නීති ක්ෂේත්‍රයේ දැඩි කතාබහට ලක්වුයේ ලොව කිසිදු එවැනි උත්තරීතර තනතුරක් දරන්නෙකු එවැනි මට්ටමකට පත් නොවන බැවිනි.ඔහුට එරෙහිව දුෂණ හා අල්ලස් චෝදනා එල්ල වුයේ ඉන් පසුවය. මෙවැනි පුද්ගලයන් ජාත්‍යන්තර නීති කොමිසම වැනි කීර්තිමත් ආයතන වල නිලවරණය සඳහා රට වෙනුවෙන් ඉදිරිපත් කිරීමද බරපතල කාරණයක් ලෙස ජාත්‍යන්තර නීති ප්‍රජාව සලකති. මේ අතර පසුගියදා නිව්යෝර්ක් නගරයට ගිය වර්තමාන ජනාධිපති  ගෝඨාභය රාජපක්ෂ   මහතාටද මොහුගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ඇමරිකාවේ වාසය කරන ශ්‍රීලාංකිකයන් විසින් දැඩි චෝදනා  එල්ල කර තිබිණි.මොහුව අගවිනිසුරු ධුරයට පත් කරන ලද්දේ අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායක මහත්මිය දෝෂාභියෝගයක් මගින්  එම පදවියෙන් ඉවත් කල පසුව වන අතර ඇය නිල නිවසෙන් බලහත්කාරයෙන් ඉවත් කර සුලුවේලාවක් තුල  මොහාන් පීරිස් විසින්   එම නිල නිවාස අත්පත් කරගැනීමට කටයුතු කල ආකාරය නීති ක්ෂේත්‍රය තුල දැඩි පිළිකුලට භාජනය විය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles