Saturday, October 19, 2024

මොළය බාගෙට මැරුණු නිලධාරීන් පාලනය කළොත් රට විශාල අනතුරක…

මොළය බාගෙට මිය ගිය නිලධාරීන් විසින් රට පාලනය කළොත් ඉදිරියේදී විශාල අභියෝගයට රටට ජනතාවට මුහුණ දෙන සිදුවනු ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා සඳහන් කරයි.

කොරෝනා ආසාදිතයන් එක්කෙනෙක් දෙන්නෙක් සිටියදී සම්පූර්ණයෙන්ම රට වසා දැමුවද අද විශාල වශයෙන් රෝගීන් හමුවද්දී රට සම්පූර්ණයෙන්ම විවෘත කර ඇති බවද ඔහු පැවසීය.

පවතින වසංගත තත්වය හමුවේ විශේෂඥ වෛද්‍ය මතයට කන් දෙන ලෙසද මන්ත‍්‍රීවරයා ඉල්ලා සිටියේය.

මහලූ පුද්ගලයකු වන ජනාධිපති ලේකම්වරයා විසින් චක්‍රලේඛයක් මගින් සියළුම රාජ්‍ය සේවකයන් සේවයට කැඳවූ බවත් එය සිදු කළේ කුමන පදනමක් මතදැයි මන්ත්‍රීවරයා ප්‍රශ්න කළේය.

ගාල්ලේදී මාධ්‍ය අමතමින් ඔහු මෙම අදහස් පළ කළේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles