Sunday, September 22, 2024

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ 600කට ස්ථාන මාරු

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවකයින් 600 කට වඩා අධික ප්‍රමාණයකට ස්ථාන මාරුවීම් ලබාදී ඇති බව එම දෙපාර්තමේතුවේ කොමසාරිස් ජනරාල් නීතිඥ සුමිත් අලහකෝන් ප්‍රකාශ කර සිටිනවා.

2020 වසරේ ජනවාරි මස 01 වෙනිදාට පෙර සේවයට බැදී සිටි සේවකයින් 600 කට අධික ප්‍රමාණයකට මෙලෙස ස්ථාන මාරුවීම් ලබාදී ඇති බවයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කලේ.

අල්ලස් ලබා ගැනීම් ඇතුළු විවිධ අයථා ක්‍රියා සම්බන්ධයෙන් නිලධාරීන්ට එරෙහිව ජනතාව විසින් සිදුකර ඇති පැමිණිලි ආදිය ගැන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ප්‍රවාහන අමාත්‍යවරයා සමග සාකච්ජා කොට මෙම තීරණය ගෙන ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles