මෝඩ යකා අගමැතිගේ ගිණුමෙි මුදල් එයාගෙ යාලුවන්ට වියදම් කරලා ටිකක් ඉන්වෙස්ට් කරලා

0
353

තමන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ බැංකු ගිණුමෙන් මුදල් ලබා ගත්තේ විගණනය කරද්දිත් ගැටලුවක් වේ යැයි සිතු නිසා බව ඒ මහතාගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම්වරයා ලෙස රාජකාරි කළ උදිත් ලොකු බණ්ඩාර මහතා සඳහන් කර ඇත.

ඔහු ඒ බව සඳහන් කර ගත්තේ ඇත්තේ අග්‍රාමාත්‍යවරයාගේ බැංකු ගිණුමෙන් විශාල මුදල් ඉවත් කරගෙන ඇති බවට හෙළි වීමෙන් පසු අග්‍රාමාත්‍යවරයාගේ ආරක්ෂක ප්‍රධානියා විසින් කළ විමසීමකදීය.

‘විගණනය කරනකොට ප්‍රශ්නයක් වන නිසා මම ඒ මුදල ඇදලා වෙනම ඉන්වෙස්ට්මන්ට් කළා. ලක්ෂ එකසිය හැටක් විතර එතන ඇති. ඉතුරු මිලියන කිහිපයක් හෝටල් වලට ගෙවලා තියෙනවා. අගමැතිතුමා වෙනුවෙන් මම එයාගේ හිතවතුන්ට විනෝද වෙන්න වියදම් කළා’ යැයි ඔහු සඳහන් කර ඇත.

පසුදිනම උදිත් ලොකුබණ්ඩාර විසින් ලක්ෂ 25 ක මුදලක් ගෙනැවිත් අගමැති මැදුරට භාර දී තිබේ.

lanka c news

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here