Wednesday, January 15, 2025

මෝඩ යකා අගමැතිගේ බැංකු ගිණුමෙන් ඇද්ද සල්ලි ගැන පරීක්ෂණයක්. රටිනුත් පැනලා ගිහින් ?

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ පෞද්ගලික කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස කටයුතු කළ උදිත් ලොකුබණ්ඩාරට එරෙහිව මූල්‍ය වංචා චෝදනා යටතේ පරීක්ෂණයක් සිදු කරන බව වාර්තා වනවා.

මීට හේතු වී ඇත්තේ, උදිත් ලොකු බණ්ඩාර විසින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට අයත් බැංකු ගිණුමකින් රුපියල් කෝටි තුන හමාරකට අධික මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් මතුව ඇති චෝදනාවකි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයාගේ පවුලේ සමීප සාමාජිකයෙකු විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පැමිණිල්ලක් ගොනු කර ඇති අතර ඒ අනුවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අදාළ පරීක්ෂණය දියත් කර ඇත්තේ.

දැනට කරුණු වාර්තා වන ආකාරයට මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයාට අයත් රාජ්‍ය බැංකුවක තිබූ ගිණුමකින් මෙලෙස මුදල් ලබාගෙන ඇත්තේ, ඒ වෙනුවෙන් නිකුත් කළ ඒ.ටී.එම් කාඩ්පපතක් භාවිත කරමිනි.

අදාළ ගිණුමෙහි තිබූ මුදල් මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා ජනාධිපති ලෙස කටයුතු කළ සමයේ ඔහුට ලැබුණු වැටුප් මුදල් බව වාර්තා වෙි.

මෙම ගිණුමේ ඇති මුදල් සම්බන්ධයෙන් ඇති වූ සැකයක් මත අදාළ ගිණුම සම්බන්ධයෙන් සිදු කළ සොයා බැලීමක දී එම ගිණුමෙන් පසුගිය වසර ගණනාවක් පුරාම අඛණ්ඩ ව මුදල් ලබාගෙන ඇති බව සොයාගෙන තිබෙනවා.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් සිදු කළ සොයා බැලීමක දී හෙළි වී ඇත්තේ, එම ගිණුමට අදාළ ව නිකුත් කර තිබූ ඒ.ටී.එම් කාඩ් පත තිබී ඇත්තේ, උදිත් ලොකුබණ්ඩාර සතුව බවයි.

මෙි අතර උදිත් ලොකුබණ්ඩාර මේවනවිට අතුරුදන්ව ඇතැයි වාර්තා වනවා.

ඔහු ලංකාවෙන් පැන ගොස් ඇති බවට ද වාර්තා පළ වනවා.

මෙම මුදල් පිළිබඳව හෙළිදරව් වී ඇත්තේ අදාළ ‘ආණ්ඩුවේ ඉහලම පෙලේ දේශපාලනඥයා’ සිය පවුලේ සමීප ඥාතීන් සමඟ කළ කතාබහකදී ‘මගේ තව එකවුන්ට් එකක් තියෙනවා’යැයි කළ ප්‍රකාශයකින් බවයි පැවසෙන්නේ. පවුලේ සමීතමයෙකු විසින් එම ගිණුම පිළිබඳව පරීක්ෂා කිරීමේදී මෙලෙස වංචනිකව මුදල් ලබා ගැනීම අනාවරණය වී තිබෙන බවයි ආරංචි මාර්ග පවසන්නේ.

මේ මුදල් වංචාව පිළිබඳ ‘ආණ්ඩුවේ ඉහලම පෙලේ දේශපාලනඥයා’ගේ සමීපතමයාගෙන් විමසූ විට ඔහු පවසා ඇත්තේ ‘ඒ සල්ලි නිකන් බැංකුවේ තියෙන හින්දා මම ගත්තා. මම ඒවා ඉන්වෙස්ට් කළා. ඕනෙනම් ඒ ටික ආපහු දෙන්නන්” යනුවෙන් බවයි කියන්නේ.

මේ මුදල් වංචාව පිළිබඳව ගිණුම පවත්වාගෙන ගිය ලංකා බැංකුව සහ වෙනත් අදාළ අංශ පරීක්ෂණ ආරම්භකර තිබෙන බව පැවසෙයි.

හිටපු අමාත්‍යවරයෙකු මෙන්ම කතනායකවරයකු ද වූ විජමූ ලොකුබණ්ඩාරගේ පුතෙකු වන, බදුල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් කලෙක පාර්ලිමේන්තුවට තේරී පත්වූ සහ කලක් රාජ්‍ය ආරක්ෂක සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රීවරයා ලෙසද කටයුතු කළ උදිත ලොකුබණ්ඩාර මහතා මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධූරය දැරූ වකවානුවේදී ඒ මහතාගේ පෞද්ගලික ලේකම්වරයා ලෙසත් පසුව අගමැති මහින්ද රාජපක්ෂගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම්වරයා ලෙසත් පත් කරනු ලැබුවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles