Wednesday, December 25, 2024

මෝදිගේ ඇමෙරිකානු සංචාරය සාර්ථකයි

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ ඇමෙරිකානු සංචාරය ඉතා ඵලදායී සහ විශාල ජයග‍්‍රහණ අත්කරගත් සංචාරයක් බව ඉන්දියාවේ විදේශ කටයුතු ලේකම් හාෂ් වර්ධන් ශ‍්‍රින්ග්ලා මහතා ප‍්‍රකාශ කර සිටී.

අගමැති නරේන්ද්‍ර මෝදි මහතා එක්සත් ජාතීන්ගේ සමුළුව අමතා කළ කතාව ඉතා ඉහළ ගණයේ එකක් මෙන්ම ඉතා වටිනා කතාවක් වූ බවද විදේශ ලේකම්වරයා අගමැතිවරයා එක්සත් ජාතීන්ගේ සමුළුව ඇමැතීමෙන් පසුව සඳහන් කර සිටියේය. අගමැති නරේන්ද්‍ර මෝදි මහතා සිය තෙදින ඇමෙරිකානු රාජ්‍ය සංචාරය ආරම්භ කරමින් පසුගිය බදාදා වොෂිංටනය වෙත ළඟා වූ අතර කොවිඞ් 19 ව්‍යවසනය ආරම්භ වූ පසුව මෝදි මහතා ඇමෙරිකාවේ කළ පළමු සංචාරය එය විය. එහිදී ඉන්දීය අගමැතිවරයා ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන්, උප ජනාධිපති කමලා හැරිස්, ජපාන අගමැති යොෂිහිඩෙ සුගා සහ ඔස්ටේ‍්‍රලියානු අගමැති ස්කොට් මොරිසන් මහතා සමඟද ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වූහ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles