මෝදි එන්නේ වෙසක් දින සැමරුමට – ජනපති

0
341

ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ මෙරට සංචාරය තුළදී කිසිදු ගිවිසුමකට අත්සන් නොතබන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ ඉන්දිය අග්‍රාමාත්‍යවරයා එක්සත් ජාතීන්ගේ වෙසක් දින සැමරුම් උත්සවයට සහභාගීවිම හැර කිසිදු රාජකාරි කටයුත්තක් සිදු නොවන බවයි.

නරේන්ද්‍ර මෝදි මහතා මෙරටට පැමිණෙන්නේ ගිවිසුම් අත්සන් කිරිමට බවට පැතිර යන ප්‍රචාරයන් ආණ්ඩු විරෝධි පිරිස් විසින් සිදු කරන ලද ඒවා බව ජනාධිපතවරයා පවසයි.

මඩකලපුව, ඔඩ්ඩමාවඩි මහා විද්‍යාලයේ පැවැති උත්සවයකට එක්වෙමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මෙම අදහස් පළ කළේය.

සෑම රටකම මිත්‍රශිලි සහයෝගය ලැබී ඇති බැවින් මෙරට සංවර්ධිත රටක් ලෙස ගොඩනැගීමට හැකි බව ද එහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here