රජයේ සහතික මිලටම වී තොග මිලදී ගැනීම සඳහා සියලුම සහල් මෝල් හිමියන් අද එකඟතාවකට පැමිණියා. ඒ, වෙළඳ සහ කෘෂිකර්ම අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් කෘෂිකර්ම අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකදීයි.
ඒ අනුව මින් ඉදිරියට ඕනෑම පාර්ශවයක් විසින් වී මිලදී ගනු ලබන්නේ රජයේ සහතික මිලට පමණක් බවයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පැවසුවේ.