යට ඇදුම් රට පුරා සතොස ශාඛාවලින් . රජ වාසලේ යට ඇදුම් මහා සල්පිලක් – බන්දුල

0
329

පනවා ඇති නව සීම හේතුවෙන් රට තුළ යට ඇදුම් හිගයක් නැති බවත් ශ්‍රී ලංකාව නම ගිය යට ඇඳුම් ජාත්‍යන්තර වශයෙන් නිෂ්පාදනය කර අපනයනයද කරන රටක් බවත් වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

යට ඇඳුම් හිඟයක් පවතින්නේ යයි කිසිවෙකු පවසන්නේ නම් අවශ්‍ය තරම් තොග ඔහු වෙත ලබා දීමට සූදාම් බවත් ඇමතිවරයා පැවසීය.

අවශ්‍යතාවය ඇති නම් ඉදිරියේදී සතොස වෙලදසැල් ජාලය සරහා යට ඇඳුම් බෙදා හැරීමට සූදානම් බවද පැවසූ අමාත්‍යවරයා ඉදිරියේදී නාරාහෙන්පිට රජ වාසල තුල යට ඇඳුම් මහා පරිමාණ සල්පිලක් පැවැත්වීමට සූදානම් බව ද කියා සිටියේය.

ඒ මහතා මේ බව කියා සිටියේ මෙරට රෙදිපිළි නිෂ්පාදනියේ යෙදෙන ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන් සමඟ කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here