යම් ගිවිසුමක් ගැන ඇසූ විට ඒ සම්බන්ධයෙන් ඇමතිවරැ පාර්ලිමේන්තුවට තොරතුරැ ලබා දිය යුතුයි

0
425

යම් ගිවිසුමක් ගැන ඇසූ විට ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට තොරතුරු ලබා දීමට ඇමතිවරුන් අණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම බැඳී ඇතැයි හිටපු අග්‍රාමාත්‍ය කොළඹ දිස්ත්‍රික් පත්කළ මන්ත්‍රී (එජාප)රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය .

ඇමතිවරුන් පාර්ලිමේන්තුවට තොරතුරු දීම වළකින ගිවිසුම් ගැන මා කතා කරන්න කැමතියි.

ව්‍යවස්ථාවේ 43 වගන්තිය යටතේ ඇමැතිවරුන් පාර්ලිමේන්තුවට සාමූහිකව වගකිව යුතුයි. එය ක්‍රියාත්මක කරන්නේ 4 වන වගන්තිය තුන්වන උප වගන්තිය යටතේයි.පාර්ලිමේන්තු කටයුතු ගැන අධිකරණ බලතල තිබෙන්නේ පාර්ලිමේන්තුවටයි.පාර්ලිමේන්තුවේ බලතල සියල්ල පාර්ලිමේන්තුව තීරණය කළ යුතු බවද සඳහන්ව තිබෙනවා.මේ අනුව පාර්ලිමේන්තුවේ බලතල සහ වරප්‍රසාද පනතින් ලබාදී ඇති වරප්‍රසාද වලට අමතරව එක්සත් රාජධානියේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට තිබෙන අයිතිවාසිකම් ද අපට තිබෙනවා.ඒ සියළු වරප්‍රසාද සහ අයිතීන් රටේ සාමාන්‍ය නීතියේ කොටසක් බව ද සඳහන් වෙනවා යැයි රනිල් වික්‍රමසිංහ මහතා කීය.

රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවේ අයවැය දෙවන වර කියවීමේ පළමුදින විවාදයට එක් වෙමිනි .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here