Tuesday, September 24, 2024

යහපාලනය කොඩිවිනය දාගත්තේ රනිල් – ෆොන්සේකා

පසුගිය ආණ්ඩුවෙන් ජනතාවට සිදුවූ වැරදිවලට සියයට 99ක් ම වගකිව යුත්තේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා බව  එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

කිරිබත්ගොඩ අද පැවති ජන හමුවකට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරණයට සහාය දැක්වූ කැලණිය ආසනයේ එක්සත් ජාතික පාක්ෂිකයින් වෙනුවෙන් ස්තුතිය පළකිරීම සඳහා සංවිධාන කළ ජන හමුවක් අද කිරිබත්ගොඩදී පැවැත්වුණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා පැවසුවේ යහපාලනය නැමැති කොඩිවිනයක් හිස මත දමාගෙන ජනතාව අමතක කර කටයුතු කිරීමට සිදුවු බවත් එහි සම්පූර්ණ වගකීම ගත යුත්තේ එජාප නායකයා බවත්ය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles