Friday, September 20, 2024

යහපාලනය තිබුණනම් රටෙන් භාගයක් කොරෝනා හැදිලා මැරිලා

කොරෝනා වසංගතය පැවතෙද්දී යහපාලන ආණ්ඩුව තිබුණේ නම් අද වන විට රටෙන් භාගයක් මියගොස් බව අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා සඳහන් කළේය.

පසුගිය දිනවල දිනකට 150කට වැඩි වැඩි මරණ සංඛ්‍යාවක් වාර්තා වූ බවද පැවසූ ඔහු විපක්ෂය ආණ්ඩුව කරද්දී කිසිදු වැඩපිළිවෙළක් නොතිබුණු බවත් එවන් පිරිසක් අද කොරෝනා ගැන කතා කරන බවත් කියා සිටියේය.

කොරෝනා නිසා අසරණ වන මිනිසුන්ගේ කඳුළු මතින් දේශපාලනය නොකරන්නැයි ඉල්ලා සිටින බවද අමාත්‍යවරයා පැවසීය.

පසුගිය යහපාලන ආණ්ඩුව මේ වන විට තිබුණේ නම් රට විශාලා මහනුවරක් වී අවසන් යයි ඔහු තවදුරටත් කීය.

මාධ්‍ය අමතමින් ඒ මහතා මෙම අදහස් පල කළේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles