Monday, September 23, 2024

යහපාලන ආණ්ඩුව නඩු දැමූ ලාෆ්ස් සමාගමේ CEOට රක්ෂණ සංස්ථාවේ සභාපතිකම දෙන්න යයි

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සභාපති ධුරය සඳහා එහි හිටපු ප්‍රධාන විධායක නිලධාරීවරයකු වූ පියදාස කුඩාබාලගේ මහතාව පත්කිරීමට නියමිත බව ආරංචිමාර්ග ප්‍රකාශ කළේය.

පියදාස කුඩාබාලගේ යනු වත්මන් ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සභාපති ධුරය දැරූ සමයේ එහි ප්‍රධාන විධායක නිලධාරීවරයා වශයෙන් කටයුතු කළ, අත්දැකීම් බහුල පුද්ගලයෙකි.

ලිට්‍රෝ ගෑස් සමාගමේ මුදල් අවභාවිතාවක් පිළිබඳව චෝදනා කරමින් පසුගිය යහපාලන රජය සමයේදී ඔහු ඇතුළු තිදෙනෙකුට එරෙහිව නඩු පවරා තිබුණු අතර දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව 2019 වසරේදීම විශේෂ මහාධිකරණය විසින් ඔවුන් නිදොස්කොට නිදහස් කෙරිණි.

පියදාස කුඩාබාලගේ මහතා මේ වනවිට ලාෆ්ස් සමාගමේ Group CEO වශයෙන් කටයුතු කරයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles