යළිත් ලිට්‍රෝ ගෑස් තොග හිඟවෙයි

0
380

දැනට රට තුළ පවතින ගෑස් තොග ප්‍රමාණවත් වන්නේ දින තුනකට පමණක් බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.

ගෑස් තොග රැගෙන ආ නෞකාවක් ආපසු හරවා යැවීම මීට හේතුව වී ඇති බව එම සමාගම සඳහන් කරයි. එම නෞකාව හරවා යැවීමට හේතුව වූයේ අදාළ එතිල් මර්කැප්ටාන් සංයුතිය එම තොගයේ නොතිබීම හේතුවෙනි.

කෙසේ වෙතත් ගෑස් ටොන් 3700 ක් රැගත් මීලඟ නෞකාව ලබන ඉරිදා දින මෙරටට පැම්ණීමට නියමිතය. එම ගෑස් තොගය පරීක්ෂා කිරීමෙන් අනතුරුව ගොඩ බෑමට අවස්ථාව ලැබෙනු ඇත.

එම ගෑස් තොගය ඉරිදා දින පැමිණෙන නමුත් ගොඩබෑමට දින දෙකක් පමණ ගතවනු ඇති බව එම සමාගම වැඩිදුරටත් පවසයි.

එම සාම්පල ලබා ගන්නා අදාළ ප්‍රමිති ආයතන කණ්ඩායම් සෙනසුරාදා, ඉරිදා දිනවල රාජකාරි කටයුතු සිදු නොකරන බැවින් ගෑස් ගොඩබෑමට තවත් ප්‍රමාද වන බවත් ඒ අනුව එළඹෙන සෙනසුරාදා දිනයෙන් පසුව දින දෙකක හෝ තුනක කාලයක් ගෑස් හිගයක් ඇතිවීම වළක්වා ගත නොහැකි බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here