යළිත් විදුලිය කපයි

0
323

නොරොච්චෝලේ ගල් අඟුරු විදුලි බලාගාරයේ ජනන යන්ත්‍ර තුනෙන් එක් ජනන යන්ත්‍රයක සිදුකෙරෙන අලුත්වැඩියාවක් හේතුවෙන් දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට රාත්‍රී කාලයේදී මිනිත්තු 30 – 45 අතර කාලයක් විදුලි සැපයුම අත්හිටුවීමට සිදුවනු ඇති බව විදුලිබල අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව සවස 06.00 – රාත්‍රී 09.30 අතර කාලය තුළ මෙසේ විදුලි ඉල්ලුම අනුව දිවයිනේ ඇතැම් ප්‍රදේශවල විදුලි කප්පාදුවක් සිදු කෙරෙනු ඇත.

නොරොච්චෝලේ බලාගාරයේ අලුත්වැඩියා කෙරෙන ජනණ යන්ත්‍රය අනිද්දා වන විට ජාතික විදුලි පද්ධතියට එක්කර ගැනීමට හැකිවනු ඇතැයි විදුලිබල අමාත්‍යංශය පවසනවා.

එහි අලුත්වැඩියා කටයුතු හේතුවෙන් ඇතැම් ප්‍රදේශවලට රාත්‍රී කාලයේ මිනිත්තු 30 ත් 45 ත් අතර කාලයක් විදුලි සැපයුම අත්හිටුවීමට සිදුවිය හැකි බවයි විදුලිබල අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන සඳහන් කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here