යළි ඇර⁣ඹෙන ඇඹිලිපිටිය කඩදාසි කම්හල

0
268

ඇඹිලිපිටිය කඩදාසි කම්හල නැවත ආරම්භ කිරීමට අදාළ ගිවිසුම අත්සන් තැබීම කර්මාන්ත අමාත්‍ය එස්.බී. දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශ පරිශ්‍රයේ දී ඊයේ (09) සිදු කෙරිණ.

මෙම ගිවිසුම යටතේ කොරියන් ස්පා පැකේජින් පුද්ගලික සමාගම මූලික ආයෝජනය ලෙස රුපියල් බිලියන 3.5 ක් ආයෝජනය කරන අතර වසරක් තුළ තම කර්මාන්ත ශාලාව තුළ නිෂ්පාදන කටයුතු ආරම්භ කර වසරකට කඩදාසි මෙට්‍රික් ටොන් 75,000 ක නිෂ්පාදනයක් සිදුකිරීම අපේක්ෂිතයි.

මෙම අවස්ථාවට අමාත්‍යංශ ලේකම් ජනරාල් දයා රත්නායක (විශ්‍රාමික), සී/ස කඩදාසි සමාගමේ සභාපති විමල් රූබසිංහ, කොරියන් ස්පා පැකේජින් පුද්ගලික සමාගමේ සභාපති අනුරත් අබේරත්න, අමාත්‍යංශ නිලධාරීහු ඇතුළු පිරිසක් එක් වූහ.

මෙහි දී අමාත්‍යවරයා කියා සිටියේ දැනට ශ්‍රී ලංකාව වැටී තිබෙන තැනින් ගොඩ එන්නට නම් දේශීය මෙන් ම විදේශීය ආයෝජකයන් නිසි පරිදි හඳුනාගෙන ඔවුන් දිරිමත් කිරීමට කටයුතු කළ යුතු අතර ඇඹිලිපිටිය කඩදාසි කර්මාන්ත ශාලාව නැවත ආරම්භ කර දේශීය කඩදාසි අවශ්‍යතාව සැපිරීමට සූදානම් බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here