Saturday, January 25, 2025

යළි හිස ඔසවන සේනා

මෙරට වගා බිම් රැසකට හානි සිදුකරමින් මීට කලකට පෙර පැතිරගිය සේනා දළඹු උවදුර යළිත් ප්‍රදේශ කිහිපයක වගා බිම්වලින් වාර්තා වෙයි.

අනුරාධපුර, පොළොන්නරුව, හම්බන්තොට යන දිස්ත්‍රික්කවල බඩඉරිඟු වගාබිම් ආශ්‍රිතව මෙලෙස සේනා දළඹු ව්‍යාප්තිය දැකගත හැකි බව අප වාර්තාකරුවන් පවසයි.

සේනා දළඹුවා යනු ජීව විද්‍යාත්මකව Spodoptera frugiperda යන නාමයෙන් හඳුන්වනු ලබන සළබයාගේ කීට අවස්ථාව වේ.

ආක්‍රමණශීලී පළිබෝධකයෙකු වන සේනා දළඹුවා පිළිබඳ 2016 වසරේදී අමෙරිකා එක්සත් ජනපදයෙන් මුල්වරට වාර්තා වූ අතර පසුව අප්‍රිකානු රටවල් දෙසට එම දළඹු ව්‍යාප්තිය සිදුවිය.

ශ්‍රී ලංකාව තුළ සේනා දළඹුවා පළමු වරට වාර්තා වී ඇත්තේ 2018 වසරේදීය.

ඒ අම්පාර දිස්ත්‍රික්කයේ බඩඉරිඟු වගා භූමියක් ආශ්‍රිතවයි.

බඩඉරිඟු, උක්, වී, එළවළු, පළතුරු ඇතුලු බෝග වර්ග 100කට අධික ප්‍රමාණයක පත්‍රවලට හා බීජවලට සේනා දළඹුවා හානි කරන බව සොයාගෙන ඇත.

කළින් කලට මතුවන සේනා දළඹු උවදුර මර්දනයට විවිධ ක්‍රියාමාර්ග කෘෂිකර්ම අංශ ක්‍රියාත්මක කළ ද මේ දිනවල දිවයිනේ විවිධ  ප්‍රදේශවල ගොවීන් සේනා දළඹුවා හේතුවෙන් දැඩි ලෙස අසරණ වී සිටී.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles